මෙම පිටුවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ Command Prompt එක මගින් වැඩ කරන ආකරය ගැනයි. ඒ සඳහා පළමුව Command prompt එක විවෘත කර ගත යුතුය.
Start විවෘත කර එහි Search box එකේ cmd ලෙස ටයිප් කරන්න.
නැතහොත් Start --> Run හී cmd ලෙස ටයිප් කරන්න.
ඉහත දැක්වෙන්නේ එයයි.
එහි දී අපට අවශය විධාන ලබා දිය හැක. පහත ඇත්තේ ඒ සඳහා ලබා දිය හැකි විධනයි.
Echo
අවශය වචනයක් දර්ශනය කරගත හැක.
විධානය ලබා දෙන ආකාරය:
Echo විධානය
උදා:
Echo Welcome to speeedworld!
Echo off
පාත් එක දර්ශනය නොවේ.
Echo on
පාත් එක දර්ශනය නොවේ නම් දර්ශනය කරයි.
Cd
අවශය පාත් එකට යා හැක. එහිදී සිටින ෆෝල්ඩරයේ තිබෙන තවත් ෆෝල්ඩරයකට යොමු වීමේදී එම ෆෝල්ඩරයේ නම පමණක් සදහන් කිරීම ප්‍රමාණවත් ය.
විධානය ලබා දෙන ආකාරය:
Cd පාත් එක
උදා:
Echo C:/
Echo C:/speeedworld
Color
command prompt එකේ අකුරු වර්ණය හා පසුබිම් වර්ණය වෙනස් කළ හැක. පළමුව පසුබිම් වර්ණය ද දෙවනුව අකුරු වර්ණය ද වෙනස් කළ හැක. වර්ණ භාවිතා කිරීමේ දී පහත වගුව භාවිතා කරන්න.
0 - Black A = Light Green
1 - Blue B = Light Aqua
2 - Green C = Light Red
3 - Aqua D = Light Purple
4 - Red E = Light Yellow
5 - Purple F = Light White
6 - Yellow
7 - White
8 - Gray
9 - Light Blue
Copy
ෆයිල් copy කිරීමට භාවිතා කරයි. අදාළ ෆෝල්ඩරයට ඇතුලු වී එහි සෑදිය හැක.
විධානය ලබා දෙන ආකාරය:
Copy (name).extention (name).extention
උදා:
copy 1.txt 2.txt - 1 නම් txt ෆයිල් එක 2 නම් txt ෆයිල් එකක් ලෙස copy කරයි.
copy speeedworld.html wewhoops.html - speeedworld නම් html ෆයිල් එක wewhoops නම් html ෆයිල් එකක් ලෙස copy කරයි.
del හා Erase
ෆයිල් delete කිරීමට භාවිතා කරයි. අදාළ ෆෝල්ඩරයට ඇතුලු delete හැක.
විධානය ලබා දෙන ආකාරය:
del (name).extention
උදා: del wewhoops.html - wewhoops නම් html ෆයිල් එක delete කරයි.
date
දිනය පෙන්වයි. දිනය සැකසීම ද කළ හැක.
dir
සිටින ෆෝල්ඩරයේ ඇති ෆයිල් ලයිස්තුවක් හා ෆෝල්ඩර්ස් පෙන්වයි.
MD / MKDIR
නව (නව ෆෝල්ඩරයක්) සෑදිය හැක.
විධානය ලබා දෙන ආකාරය:
MD විධානය
උදා:
MD SPEEEDWORLD
උපක්‍රම:
UP Arrow key
පෙර දී ලියූ කේත පේළි නැවත ලබා ගත හැක. UP Arrow key එක නැවත නැවත එබීමෙන් පිළිවෙලින් අවසාන කේත පෙළියෙන් පෙළියට යා හැක.
DOWN Arrow key
Up Arrow key එක මඟින් පෙර දී ලියූ කේත පේළි නැවත ගොස් පසු කර ආ කේත පේළි වලට යාමට Down arrow key ඔබන්න. නැවත නැවත එබීමෙන් පිළිවෙලින් පසු කර ආ කේත පෙළි වලට යා හැක.
F7
History එකට යා හැක. Up arrow key එක මඟින් ඉහළට ද Down arrow key එක මඟින් පහළට ද යා හැක. Left arrow key, Right arrow key හා Enter මඟින් කේතය තේරිය හැක.
Esc
Line එක clear කළ හැක.
Alt + F7
History එක clear කළ හැක.
F8
Command History එක සෙවිය යා හැක.
F9
Command History පිළිවෙලින් ඉලක්කම් අනුව සෙවිය හැක.
උදව් ගැනීම
එකට පසුව /? යෙදීමෙන් ඒ ගැන වැදි විස්තර ලබා ගත හැක.
සැකසුම
තිමිර නිර්මල් විසිනි.
( තවත් බලාපොරොත්තු වන්න. )
No comments:
Post a Comment